Skip to main content

ඔබ ඔබේ පරිගණකය විශ්වාස කරනවද? Do You Trust This Computer?


ඔබ ඔබේ පරිගණකය විශ්වාස කරනවද? මෙම ප්‍රශ්නය ලොව හමුවේ තබමින් පසුගිය සිකුරාදා නිකුත් වූ Do You Trust This Computer? වාර්තාමය චිත්‍රපටය නිසා Artificial Intelligent හෙවත් කෘතීම බුද්ධියහි අනාගතය පිළිබඳව ලෝකයාගේ අවධානය යොමු උනා.පැය 36ක් ඇතුළත මිලියන 5කට අධික Views සoඛ්‍යාවක් වාර්තා වූ මෙම චිත්‍රපටය පිළිබඳව කෙටි සටහනකුයි මේ.

Artificial intelligence is on the verge of changing business

Artificial Intelligent හෙවත් කෘතීම බුද්ධිය පිළිබඳව අදහස ලෝකයට මතුවූයේ Digital පරිගණකයේ මුල්ම අවධියේ සිටමය. Artificial Intelligent, Machine Learning, Deep Learning, Neural Computing වශයෙන් විවිධ යෙදුම් භවිතයේ යෙදුනද දළ වශයෙන් මේවායේ පොදු තේරුම වනුයේ කෘතීම බුද්ධිය යන්නයි.නමුත් වර්තමානයේ එය දියුණුවෙමින් පවතිනුයේ  මනුෂ්‍යයාටත් හිතාගත නෙහැකි වේගයකිනි.මෙයට හේතුව වශයෙන් වර්තමානය වනවිට බොහෝ අoශයන් කෘතීම බුද්ධිය විසින් මනුෂ්‍යයා අභිබවා ගොස් තිබීම සදහන් කල හැකියි.

උදාහරණ වශයෙන් Google DeepMind කෘතීම බුද්ධිමත් පරිගණකය නිපදවා පලමු දිනයේදීම එයට මූලික අවධියේ පරිගණක ක්‍රීඩා 40ක් අවබෝධ කරගනිමින් එම ක්‍රීඩා ක්‍රීඩාකර අවසන් කරන්නට හැකිවුනා.තවද Go ක්‍රීඩාව ක්‍රීඩාකර ලෝක ශූරයන් සියල්ල පරාජය කරන්නටද හැකිවුනා.IBM WATSON කෘතීම බුද්ධිමත් පරිගණකයට JEOPARDY ක්‍රීඩවෙන් ලෝක ශූරයන් සියල්ල පරාජය කරන්නට හැකිවුනා.මෙහි විශේෂත්වය වන්නේ IBM WATSON මෙම ක්‍රීඩාව තනිවම අන්තර්ජාලය භාවිතා කරමින් ඉගෙනගෙන තිබීමයි.

google deep mind


මෙහි යහපත් විපාක අප ඔබ මේ වනවිටත් අත්විදිමින් සිටී.උදාහරණ වශයෙන් Google Search පහසුකමත් Windows Cortana, Apple Siri, Samsung Bixby සහ Google Assistant පහසුකම්ද පෙන්වාදිය හැකියි.

තවද Tesla සමාගම සිය නවතම මෝටර් රථ සියල්ලටම Fully Autonomous හෙවත් ස්වයංක්‍රීය ධාවන පහසුකම එක්කිරීමට නීතිමය අවසරය ලැබෙනතුරු බලාසිටිනවා.IBM WATSON පරිගණකයට තනිවම Business Analyst කාර්යය සිදුකිරීමට හැකියාව ලැබී තිබෙනවා.එසේම Google Brain පරිගණකයට තනිවම විකිරණශිල්පී කාර්යය සිදුකිරීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙයින් අපට අවබෝධවන්නේ කෘතීම බුද්ධිමත් පරිගණක මගින් මනුෂ්‍යයාට කල හැකි සියලුම කාර්යයන් පාහේ තනිවම ඉගෙනගනිමින් සිදුකල හැකිබවයි.එසේම එය මනුෂ්‍යන්ට වඩා කර්යයක්ශමව සහ අඩු වියදමකින් එම කාර්යයන් ඉටුකර දෙන නිසා අනාගත්යේදී මනුෂ්‍යයන් වෙනුවට කෘතීම බුද්ධිමත් පරිගණක සහ රොබෝවරු ආදේශවනවා නොඅනුමානය.

Gyorsaságot és rugalmasságot igénylő, precíziós feladatok ellátására szánják (forrás: Rethlink Robotics)

තවද Artificial Intelligent ලෝක ආරක්ෂාවටද මහත් විශාල තර්ජනයක් එල්ල කර තිබෙනවා.උදාහරණයක් වශයෙන්  දැනට ක්‍රියාත්මකවන ස්වයංක්‍රීය ප්‍රහාරක ඩ්‍රෝන යාත්‍රාවලට වැරදීමකින් හෝ මෙම කෘතීම බුද්ධි වැඩසටහනක් ඇතුලත් වුවහොත් සිදුවිය  හැකි විනාශය ඔබට සිතාගත හැකිද? නැතහොත් දියුණු රටවල ක්‍රියාත්මක වන න්‍යෂ්ටික අවි වැඩසටහනකට මෙම කෘතීම බුද්ධි වැඩසටහනක් ඇතුලත් වුවහොත් සිදුවිය  හැකි විනාශය ඔබට සිතාගත හැකිද? උදාහරණයක් වශයෙන් මෑතකදී Microsoft සමාගම විසින් Tay නමින් ස්වයංක්‍රීයව ඉගෙනගන්නා ChatBot කෙනකු Twitter වෙබ් අඩවියවෙත මුදාහරින ලැබුවා.නමුත් පැය 24ක් ඇතුලත Microsoft සමාගමට එම ChatBot ඉවත් කරගැනීමට සිදුවූයේ කිසිවක් නෙදැන මුදාහැරි මෙම ChatBot අවසානයේ ඉතාම සාහසික Tweet පණිවිඩ එම වෙබ් අඩවියට මුදාහැරීමට පටන් ගත් නිසාවෙනි.

tay becomes a nazi

අවසාන වශයෙන්, Artificial Intelligent හෙවත් කෘතීම බුද්ධිය පිළිබඳව ඔබේ අදහස කුමක්ද? කෘතීම බුද්ධිය මනුෂ්‍යයාගේ කාර්යයන් පහසුකිරීමට මිස මනුෂ්‍යයා සහ මනුෂ්‍යත්වයේ පැවැත්ම යටපත් කරමින් කාර්යයන් සිදුකිරීමට දියුණු  කිරීම සිදුනොකල යුතු නොවේද?

මූලාශ්‍රය,






Comments

Popular posts from this blog

Pretty much everything you should know about how to use facebook carefully.

As you all know revealing Cambridge Analytica incident made people think twice about using Facebook because it proved that our private data is no more private with facebook.It can release to the internet, anytime. As a result of it, there is an ongoing trend as #deletefacebook and people started to wipe their entire Facebook account from all Facebook servers.Not just deactivate but delete Facebook.As a result of it a lot of famous people and companies started to delete their Facebook pages and accounts.such as Will Ferrell, Cher, SpaceX, Tesla, Mozilla and it made Mark Zuckerberg is the 7th richest person in the world by dropping down from his previous 5th place. But the problem is that we can not simply delete our facebook account like them because most probably we love to spend time on Facebook and keep chatting, sharing, putting likes, comments, reactions plus more and keep our selves entertaining . So that's why I thought to write this article and tell you how t...

Availability,Intergrity,Confidentiality

Confidentiality,Integrity,Availability is Commonly Known as CIA in computer security .It`s Like the Heart of Computer Security. Confidentiality :-  Briefly call as an assurance or protection of a certain data. Integrity :-  provide high accurate data by preventing data modifying by unauthorized parties, for the user. Availability :- It means always accessible or always ready for service. These three Elements are well bounded with each other.for a example if there is no availability at all times in a certain web server we call it as a security problem. for those Confidentiality,Integrity,Availability we can categorize them as High,Moderate and Low. High :- The computer Security problem affects a major damage to a particular organization such as lose of life or serious life threatening or a major financial lost or collapsing. Moderate :- The computer security problem affects a damage to a particular organization but no lose of life or serious life threate...

Meltdown and Spectre attacks ගැන සිoහලෙන්.

හායි,ගොඩාක් කාලෙකට පස්සෙ මම ආපහු blog එකට ලියන්න හිතුවා.ඉතින් අද මම කියන්න යන්නේ ඔයගොල්ලො හැමොම  දැනගන්න ඕනි වැදගත් කාරනයක් ගැන.ඉතින් වැඩියෙ කියන්න දෙයක් නෑනේ ලoකාවෙ  ගොඩාක් අය දැන් computers පාවිචි කරනවානේ ඉතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඔයගොල්ලෝ හැමෝම මේ අවදානමට ලක් වෙලා ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නෙ තියෙන්නේ ඔයාලටවත් මටවත් අතගහන්න පුලුවන් ලේසි තැනක නෙමෙයි.මේ ප්‍රශ්නෙ තියෙන්නේ ඔයාලගේ Desktop හරි Laptop හරි Tablet එකේ හරි  phone එකේ හරි තමයි.කොටින්ම කියනවනම් ඔයලාගෙ Device එකේ Processor තමයි ලෙඩේ තියෙන්නේ. Meltdown සහ Spectre කියන මේ vulnerability දෙක ගැන ලෝකෙට අනාවරනය උනේ පහුගිය ජනවරි 3 වෙනිදා එදා ඉදලා ලෝකේ ඉන්න හැම Desktop, Laptop, Tablet, Smartphone නිශ්පාදකයෝ වගේම Operating System නිශ්පදකයොත් හනි හනිකට මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න උත්සහ කරමින් ඉන්නවා.කොටින්ම කියනවානම් අපි ඔකෝම දන්න Apple iPhone පවා මේ ප්‍රශ්නෙට මූන දීලා ඉන්නවා. දැනට මේ ප්ර්ශ්නෙට තාවකලික විසදුමක් විදිහට Microsoft සමාගමෙන් Windows පරිගනක මෙහෙයුම් පද්ධති සදහා Update patch එකක් release කර...